Wednesday, November 11, 2015

Kuch Kuch Locha Hai (2015)

Kuch Kuch Locha Hai (2015)පීපීගේ ආදර සිහිනය. [සිංහල උපසිරසි සමඟ]

Kuch Kuch Locha Hai (2015)
හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
Kuch Kuch Locha Hai සිනමාපටය විකාශය අරඹන්නේ මැයි මස 8වනදා පටන්.මේ වනවිට IMDB අගය ලෙසනම් ලබාගෙන තියෙන්නේ2.9ක් විතරයි. රංගනයෙන් දායක වන්නේ සනී ලියොන් කියලා නිලියක්. අනේ මන්දා මමනම් දන්නේ නැහැ එහෙම කෙනෙක්. තව ප්‍රධාන චරිත ලෙස Ram Kapoor, Navdeep Chhabra, Evelyn Sharma යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙන්න මෙහෙමයි. ප්‍රවීන් පටේල් නැත්නම් Mr.පීපී කියන්නේ අවුරුදු 45ක තමන්ගේ බිරිදයි පුතයි එක්ක ජීවත්වෙන කෙනෙක්. ඒත් ඉතින් මෙයා පිස්සු වැටිලා ඉන්නේ රූමත් බොලිවුඩ් නිලියක් වන ශානායාට. ඉතින් මේ මනුස්සයාගේ තියෙන එකම හීනෙ තමයි ශනායා එක්ක දවසක් ගත කරන්න. අන්තිමේ කොහොමහරි මේ හීනෙ හැබෑ කරගන්න දවසක් එනවා. වැඩේ කියන්නේ ඒ දවසින් පස්සේ ශනයා එන්න අහනවා පිපිගේ ගෙදර නවතින්න.
ඒක සිද්දවෙන්නේ ඉතින් පීපී කියපු බොරු නිසා. පීපී ශනායාව ගෙන්නගන්න තියෙන වුවමනාව නිසාම බොරුවක් ගොතලා එයාගේ නෝනා කෝකිලාව ගෙදරින් පිටත් කරවනවා. ඒත් පුතාව යවන්නේ නැහැ. හැබැයි පුතෙක් ඉන්නවා කියලා ශනායා දන්නේත් නැහැ. එහෙම නොකියා කොහොමද පුතාව ගෙදර තියාගන්නේ?ඒ මොකටද? වගේ දේවල් බලලම දැනගන්න.
 තමන්ගේ සිහින කෙල්ල වන ශනායා වෙනුවෙන් පීපී මොනවා කරයිද නොකරයිද අන්තිමට පිපිගේ හිතේ තියෙනවා ආශාවන් හරියයිද කියලා බලලම දැනගන්න. එහෙනම් මේ කිව්වා ඇති. බාගෙනම බලන්න. බාගෙන යනගමන්  මටත් පොඩ්ඩක් කොමෙන්ටුවකින් සලකලා ගියා කියලා මම තරහා වෙන්නේ නැහැ හොදේ.
Hitman : Agent 47 (2015)
Kuch Kuch Locha Hai (2015) on IMDb2.9/10307 votes
Kuch Kuch Locha Hai (2015)(Wikipedia)


16769957EE18C922423DC46E50E015D3A962F60B
643A107610BA45B43749A56CAAF206EE9B2CFA71
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්නඋපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
 සෑ : යු - මෙම filme biscopelk වෙබ් අඩවියෙනී.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system