Tuesday, November 10, 2015

Get Verified Your Paypal Account : Paypal බලගුලු බිදීම

සෑලකිය යුතුයි - මෙම පොස්ට් එක DRD CASH එකේ Duleen Dharmaratne සොහොයුරාගේ බව කරුනාවෙන් සලකන්න.

පලමුව කියන්න ඕන සෑම දෙයකම වගකීම ඔබ සතුවන අතර විමසිලිමත්ව කටයුතු කරන්න.
DO AT YOUR OWN RISK


මුලින්ම අපි  ගිනුමට ලොග් වෙලා ඒකෙ දකුනු පස තියෙන ' Notifications ' කියන එකේ ' Confirm e-mail address ' ක්ලික් කරන්න. අපි අපේ ගිනුමට එක් කරපු ඊ-මේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරපු.

Confirm+Email+Button


ඊලගට ඔයගොල්ලො පහත තියෙනව වගේ පිටුවකට එයි. ඒකෙන් කියන්න පේය්පල් අය ඔයාගෙ ඊමේල් එකට ඊමේල් එකක් එවල තියෙන්නෙ. කියල ඔයාට තියෙන්නෙ ඒක කන්ෆිර්ම් කරන්න ඊමේල් අකවුන්ට් එකට ගිහිල්ල.


Confirm+Email

හරි මම දැන් හිතනවා ඔයගොල්ලො ඕගොල්ලන්ගෙ කන්ෆර්ම් ඊමේල් එක කන්ෆර්ම් කරාකියලා. එහෙනම් අපි ඊලගට යමු තියෙන බැරෑරුම්ම වැඩේට. ගිනුම වෙරිෆයි කරන එක. ඊට කලින් ඔයගොල්ලන්ට උපදෙස් ටිකක් දෙන්න තියෙනවා. ඒ ටිකත් අහගෙනම ඉන්නකො.

පේය්පෑල් ගිනුම දෙයාකාරෙකට වෙරිෆයි කරන්න පුලුවන්. ඒ තමයි ,

  • Credit Card

  • Debit Card
හරි මගින්මුලින්ම අපි බලමු Credit Card මගින් කොහොමද කරන්නෙ කියලා.


Paypal Verification through Credit Card Method 

ලන්කාවෙ දැනට ඔය Credit Card එහෙම නැත්නම් ණය පත් නිකුත් කරන ප්‍රදාන බැන්කු 8ක් තියෙනවා. මගේ කැමතිම බැන්කු පිලිවෙලින් ' Standard Charted, American Express ( Nations Trust ), HSBC (Hongkong and Shanghai Banking Corporation), Commercial Bank, Sampath,Seylan, HNB (Hatton National Bank) and BOC ( Bank of Ceylon ) ඔය අටේම කාඩ් වලින් ගිනුම වෙරිෆයි කරන්න පුලුවන්. හැබැයි ඊට පස්සෙ ඔයා පේයිපෑල් වලින් සල්ලි Withdraw කරාම ලැබෙන්නෙත් ඔය බැන්කු වල්ට. ඒක නිසා කොයිකටත් හොඩයි වෙරිෆයි කරන්න කලින් බැන්කුවට   අහන එක මේගැන. ඔයාට අහන්න තියෙන්නෙ, මම මගේ Credit Card එක පෙයිපෑල් වලට ලින්ක් කරනවා ඉතින් පෙයිපෑල් වලින් Withdraw කරාම සල්ලි මේ Credit Card එකට ලැබෙන්නෙ මට ඒ සල්ලි ගන්න පුලුවන්ද කියලා.

ඒ ගොල්ලො හා, කිව්වොත් වැඩේ හරි. ඊලගට කරන්න තියෙන්නෙ පෙයිපෑල් ගිනුමට ගිහිල්ල ගිනුම කාඩ් එකෙන් වෙරිෆයි කරන එක.


Get+Verified


Get Verified Button එක ඔබන්න. එතකොට පල්ලෙහ පිටුවට එයි ඒකෙදි තියෙන විස්තර පුරවලා'Continue ' කරන්න.


Credit+Card,Debit+Card+Verification

විස්තර හරිනම් ඔයා වතව පිටුවකට එවයි, එතනදි ඔයාගෙන් අහයි ඉලක්කම් 4රේ කෝඩ් එක මොකද්ද කියලා, මේ කෝඩ් එක ලැබෙන්නෙ ඔයාගෙ බැන්කුවට. ඔයාට කරන්න තියෙන්නෙ බැන්කුවට කෝල්කරලා ඔයාගෙ පෙයිපෑල් කෝඩ් එක ඉල්ලගන්න එක. ඊට පස්සෙ ඒක හරියට ටයිප් කරලාSubmit ඔබන්න. Credit Card එකෙන් ගිනුම වෙරිෆයි කරන්නෙ ඔහොමයි, ඊලගට අපි බලමු කොහොමද  එකෙන් ගිනුම වෙරිෆයි කරන්නෙ කියලා.


Paypal Verification through Debit Card Method

සාමාන්‍යෙන් පෙයිපෑල් එක්ක Debit card වලින් ගනුදෙනු කරන්න ඉඩ දෙන්නෙ සමහර බැන්කු විතරයි. Sampath, HNB Debit card වගේ ඒව වතරයි අනිත් බැන්කු කොහොමද දන්නෙ නෑ.

HNB Debit Card කියලා දෙන්නම් මම ගත්තෙ  කාඩ් එක හින්දා මම ඒගැන ඔයගොල්ලන්ට මගේ අත්දැකීම කියලා දෙන්නම්.

HNB+card_debit
මුලින්ම ඔයගොල්ලො Debit Card එකකට ඇප්ලයි කරලා ඒක ගන්න. ඊට පස්සෙ බැන්කුවෙන් අහන්න මට ඕන මගේ එක Debit Card පෙයිපෑල් වලට සම්බන්ද කරන්න, එහෙම කරාම මට පෙයිපෑල් එකේ සල්ලි  Withdraw කරන්න පුලුවන්ද අහන්න කාඩ් එකට. ඒ ගොල්ලො හා, කිව්වොත් වැඩේ හරි. ඒ ගොල්ලො සමන්‍යෙන් මාස කිහිපයකට විතරයි කාඩ් එකේ පිටරට Transactions ඇක්ටිව් කරලා තියන්නෙ, ඒක හින්දා ඔයාට පිටරට, උදා: පෙයිපෑල් ගනුදෙනුවක් කරන්න ඕනනම් බැන්කුවට කියන්න වෙනවා.බැන්කුවට කිව්වට පස්සෙ පෙයිපෑල් එක වෙරිෆයි කරන්න කරන්න තියෙන්නෙ පල්ලෙහා ටිකමයි   වගේ.

  • පෙයිපෑල් ගිනුමට ගිහිල්ල ගිනුම කාඩ් එකෙන් වෙරිෆයි කරන එක. 

  • Get Verified Button එක ඔබන්න. එතකොට පල්ලෙහ පිටුවට එයි ඒකෙදි තියෙන විස්තර පුරවලා' Continue ' කරන්න.

  • විස්තර හරිනම් ඔයා වතව පිටුවකට එවයි, එතනදි ඔයාගෙන් අහයි ඉලක්කම් 4රේ කෝඩ් එක මොකද්ද කියලා, මේ කෝඩ් එක ලැබෙන්නෙ ඔයාගෙ බැන්කුවට

  • බැන්කුවට කෝල්කරලා ඔයාගෙ පෙයිපෑල් කෝඩ් එක ඉල්ලගන්න එක. ඊට පස්සෙ ඒක හරියට ටයිප් කරලා Submit ඔබන්න.

ඔහොම කාඩ් එක වෙරිෆයි කරාට පස්සෙ පෙයිපෑල් එකෙන් සල්ලි Withdraw කරනකොට බැන්කුවට කියන්න මම මෙහෙම Withdraw  එකක් කාඩ් එකට පෙයිපලෙ වලින් කරනවා කියලා.


අම්මෝ, ඔන්න ඔය ටික තමයි කියන්න ඕන වෙලා තිබ්බෙ පෙය්පෑල් වෙරිෆයි කරන එක ගැන. මමලියපු පෝස්ට් එකත් කියවලා බැන්කුවලිනුත් අහලා හොදම, ආරක්ෂිතම දේ කරන්න. 




No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system